මාරාන්තික ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙන්න
ඩෙංගු උණ මාරාන්තික රෝගයකි.අපේ නොසැලකිලිමත් බව සහ තවත් කාරණා නිසා සෑම වසරකම ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව විශාල අගයක් ගනී. පවතින අධික වර්ෂාව නිසා ඩෙංගු සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති වීමට ඉඩ ඇති නිසා අවදානමට පෙර සූදානම් වීම වැදගත් ය.
ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක. ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ
ඩෙංගු උණ රෝග ලක්ෂණ
ඩෙංගු උණ
ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් ( විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්) ඇති විය හැකි ය.
ඩෙංගු රක්තපාත උණ.
ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවා නම් උණ සහිත අවදිය (මෙම අවදියේදී දින 7කට අඩුවෙන් පවතින තද උණ සහිත කාලයක් ද), අවදානම් අවදිය (අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන් උණ බැස යනවත් සමගය) මෙම තත්වය දින (1((-))(2)) අතර කාලයක් පවතින අතර කලින් හඳුනා ගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්වයට පවා පත් විය හැක. සුවවන අවදිය, දින (2-5) ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෟද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා කැසීමක්ද සමග දක්නට ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩිවශයෙන් පහ වීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැක.
රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
- නොනවත්වා වමනය කිරීම
- බඩේ කැක්කුම
- තද පිපාසය
- අධික නිදිමතබව හා සිහිමද ගතිය
- ආහාර ප්‍රතික්ෂේප කිරීම
- අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම
- රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය
- අත් පා සුදුමැලි හා සීතල බව
- නොසන්සුන්බව හා කලබලකාරී බව
- සමේ පැහැය වෙනස් වීම
- මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
- හැසිරීමේ වෙනස් කම් – සිහිමද ගතිය
ඩෙංගු රෝගය මර්ධනය කිරීම සහ මුහුණ දීම වෙනුවෙන් අපට කළ හැකි දේවල් මොනවද?
ඔබට පැය ((48)) තුළ අඩු නොවන උණ පවතිනවා නම් අනිවාර්යෙන්යෙන්ම පවුලේ වෛද්‍යවරයා වෙත හෝ ළඟම තිබෙන රෝහලට යා යුතු අතර රෝග ලක්ෂණ පරික්ෂා කිරීම සහ පරීක්ෂණාගාර වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු රෝග විනිශ්චය කර ගත හැකියි.
රෝහල් ගත විය යුතු අවස්ථා
රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව බොහෝ විට රෝගියා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. එහෙත් පහත සඳහන් ලක්ෂණ ඇති රෝගීන් රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.
- රුධිර පට්ටිකා ප්‍රමාණය ළ100,000/පප3
- උණ/ රෝගය වැළදී තෙවන දින හෝ එයට ප්රථමපහත සඳහන් අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්
- උදරයේ ඇතිවන තද වේදනාකාරී තත්වය
- නොකඩවා පවතින වමනය
- ශ්ලේෂ්මල පටල වලින් සිදුවන ලේ ගැලීමේ තත්වයන් (මුඛයෙන්, නාසයෙන් ලේ ගැලීම)
- අලසබව හෝ නොසන්සුන් බව
- අක්මාව විශාල වීම (සෙමි 2කට වඩා)
- රුධිර ඝන වීම හා සීග්‍රයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බැසීම
- ප්ලාස්මා තරලය කාන්දු වීම පෙන්නුම් කරන සායනික ලක්ෂණ: උරස් හා උදර කුහරයේ ප්ලාස්මාව කාන්දුවීම ( තරමක් ප්‍රමාද වී දක්නට ලැබෙන තත්වයකි)
ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝහල් ගත කලයුතු වෙනත් රෝගීන්
- ගර්භනී කාන්තාවන් – උණ / රෝගය වැළදී 2 වන දිනයේදී රෝහල් ගත කර සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් දිනපතා සිදු කල යුතුය
- වයෝවෘද රෝගීන් / ළදරුවන්
- ස්ථුල බව සහිත රෝගීන්
- වෙනත් කල් පවතින රෝග සහිත රෝගීන් (දියවැඩියාව, දිගු කාලීන වකුගඩු රෝගීන්, හෟද රෝගීන්, තැලසිමියාව වැනි රුධිර ආශ්රිත රෝගීන්, සහ වෙනත් ප්‍රධාන දිගු කාලින රෝග තත්වයන්)
- සමාජයීය තත්වයන් මත විශේෂ අවධානය යොමු කල යුතු රෝගීන් උදා: තනියම වාසය කරන රැක බලා ගැනීමට කිසිවෙක් නොමැති රෝගීන්,
- පදිංචි ස්ථානයට ආසන්නව සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති රෝගීන්
- පැය 48 ක කාලයක් සායනික වශයෙන් ස්ථාවර හා උණ නොමැති රෝගීන් ඩෙංගු රෝගයෙන් සුවවන අවදියට පත්ව ඇති බවට නිගමනය කල හැක.
රෝගීන් සඳහා උපදෙස්
- උණ දින දෙකකට වඩා පවති නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගැනීම
- උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත)
- රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසා වත් වෙහෙස කර භාවයට පත් නොකිරීම
- වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම, මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ
- රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එසේ නමුත් රතු, දුඹුරු පැහැති ආහාර (බීට් රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබා දීමෙන්වැ
- ළකිය යුතුය. මෙය මල පහ සමග රුධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ.
- වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැක
අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ මදුරු දෂ්ටනවලින් ආරක්ෂා වීම ඩෙංගු වළක්වා ගැනීමට හේතුව බව සිහි තබා ගන්න.