What our patients say
L.J Nishantha Perera
Rakshana Pires
Powseena Pires
Mariya Coney
Anthos Pires
Ben Samarasiny
Mr Premachandra, a 72-year-old bowel cancer patient
After confirmation, my doctor Dr Aravinda Dissanayake, who has been a laparoscopic bowel surgeon for 5 years, performed the laparoscopy surgery (total laparoscopy anterior (ultra-low)) which was minimally invasive and quick, because they made incisions to the skin to insert cameras and equipment instead of doing an open surgery which would have taken me more time to recover.
The normal procedure would have been done in two stages with an opening in the abdomen (stoma) and a bag (colostomy bag), but this surgery was performed in one go, avoiding all these steps which was much easier for me to handle mentally and physically.
This helped me recover faster. Because only after 5 days of admission, I recovered and was discharged, all thanks to the rapid response by the team and doctors at Durdans, and their latest technology and modern techniques.
Mr. Su Feng Duan, an appendicitis patient
An emergency laparoscopic surgery was done immediately on the same day. Dr. Aravinda Dissanayake and the skilled nurses made sure the surgery was done smoothly with no issues or delays because this was an emergency situation and my appendix was removed. Unlike an open surgery, there were no major cuts so I was able to recover much faster.
After my surgery, I was able to move around and eat well, all thanks to the amazing team at Durdans who acted rapidly to help treat me and made sure I was well-looked after since day 1.
මේනකා ප්‍රියංගනී මහත්මිය
- ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
මම R.A මේනකා ප්‍රියංගනී.මගේ වයස අවුරුදු 49යි. මම ඉන්නේ කුරුණෑගල, මහව ප්‍රදේශයේ.
- මෙම රෝගය ඔබ මුලින්ම හඳුනාගත්තේ කොහොමද?
මට මුලින්ම දත් හිරිවැටීමක් තමයි ඇතිවුණේ. ඊට පස්සේ ගෙවල් ළඟ වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් ගත්තත් ඒවාගෙන් අඩුවක් නැති නිසා මට ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන්න කිව්වා. ආයෙත් මාසයක් බෙහෙත් අරගෙන අඩුවක් තිබුණේ නැති නිසා මාව දන්ත වෛද්‍යවරයෙක් ළඟට යොමු කෙරුණා. එහි දී සිදු කෙරුණු X-Ray පරීක්ෂණයකින් තහවුරු වුණා මගේ විදුරු මසට යටින් තවත් දතක් ඇද වෙලා තියෙනවා,ඒක නිසා තමයි මේ වේදනාව එන්නේ සහ මේකට සැත්කමක් කරන්න ඕනා කියලා. සැත්කම සාර්ථකව සිදු කෙරුණත්, ඒ වේදනාව එකම විදියටම තිබුණා. මාස ගණනක් නැවත බෙහෙත් ගත්තා, clinic ගියා ඒත් අඩුවක් වුණේ නෑ. වෛද්‍යවරු කිව්වේ මේක දිගටම තියෙන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ මට අහම්බෙන් වගේ රූපවාහිනී වැඩසටහනකින් වෛද්‍ය ජයන්ත ලියනගේ මහතා ගැන දැනගන්න ලැබුණා. ඊට පස්සේ කෙරුණු පරීක්ෂණවලින් පස්සේ තමයි මේක Trigeminal Neuralgia රෝගය කියලා හරියටම තහවුරු කරගන්න ලැබුණේ.
- ශල්‍යකර්මය සිදු වූ ආකාරය පැහැදිළි කළොත්?
ඩොක්ටර් ජයන්ත ලියනගේ මහතාව හඳුනාගත්තට පස්සේ එතුමා ගැන මට ලොකු විශ්වාසයක් ඇතිවුණා වගේම එතුමා මට ලොකු ආත්ම විශ්වාසයක් ලබාදුන්නා.ඊට පස්සේ කල් නොදමා ඔපරේෂන් එකට දිනයක් දාගත්තා.උදේ 8ට විතර ඔපරේෂන් එකට ගත්තම හවස තමයි සිහිය ආවේ. දවස් දෙකකට පස්සේ මට ගෙදර යන්නත් පුළුවන් වුණා. එතුමාගේ දක්ෂකම නිසා අවුරුදු ගණනක් දුක් විඳපු මම දවස් තුනකින් සම්පූර්ණයෙන්ම සුව වුණා.
- Trigeminal Neuralgia රෝගයට සාර්ථක සැත්කම් දැන් ඩර්ඩන්ස් රෝහලේ දී සිදු කෙරෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස?
ඔව්, ඒක මම විශේෂයෙන් කියන්න ඕනා.මොකද මං වගේ ගොඩාක් රෝගීන් ඉන්නවා ඇති හරියටම ලෙඬේ හොයාගන්න බැරුව අවුරුදු ගණන් දුක් විඳපු.මේ රෝගය හරියටම හඳුනාගන්න පුළුවන් වුණේ ජයන්ත ලියනගේ ඩොක්ටර්ව මුණගැහුණු නිසයි.ඒ වගේ දක්ෂ වෛද්‍යවරයෙක් යටතේ, ඩර්ඩන්ස් වගේ දියුණු පහසුකම් තියෙන හොස්පිටල් එකක මේ වගේ සැත්කමක් කරගන්න කිසිම බයක් ඇති කරගන්න එපා.
ආනන්ද පතිරත්න මහතා
- ඔබගැන කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
මම ආනන්ද පතිරත්න. මට වයස අවුරුදු 75 යි. මම විශ්‍රාමික විදුහල්පතිවරයෙක්.
- මෙමරෝගී තත්වය ඔබ මුලින්ම හඳුනාගත්තේ කොහොමද?
2001 වසරේදී මට heart attack එකක් ඇවිත් බයිපාස් සැත්කමක් කරා.ඒ සැත්කමත් හිතපු තරම් සාර්ථක වුණේ නෑ. කාලෙකට පස්සේ, ඒ කියන්නේ 2017 වසරේදී වගෙ මගේ පපුව නිකන් තද කරනවා වගේ දැනුණා.ඊට පස්සේ පෞද්ගලික රෝහලකින් ECG පරීක්ෂණයක් කරාට පස්සේ කිව්වා,ECG එකේ ප්‍රශ්න වගයක් තියෙන නිසා ඇඩ්මිට් වෙන්න කියලා.Heart rate එක ගොඩාක් අඩුවෙලා තිබුණ නිසා එදාම දැඩි සත්කාර ඒකකයට මාව ඇතුලත් කරා.ඊට පස්සේ තමයි දැනගත්තේ ධමනියේ කපාටයක (Valve) කැල්සියම් බැඳිලා තියෙනවා කියලා. කොහොමහරි මාස 6කට විතර පස්සේ ඇවිදගන්න බැරිවුණ තත්වෙට මම ආයෙත් අසනීප වුණා. ඒත් එක්කම ගොඩාක් තදට පපුවේ වේදනාවක් එනවා. ඊට පස්සේ Echo පරීක්ෂණයකින් තහවුරු කරලා කිව්වා කපාටය replace කරන්න ඕනා නිසා ඉක්මණටම surgery එකකට යන්න ඕනා කියලා. ඒ අවස්ථාවේ හැටියට open surgery එකකට යන්න මම කැමති වුණත්, මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා හෘද වස්තුව විවෘත නොකර හදවත් සැත්කම් කරන ඩර්ඩන්ස් රෝහලේ ඩොක්ටර් පණ්ඩුල අතාවුදආරච්චි මහතාව.
- ශල්යකර්මයසිදු වූ ආකාරය පැහැදිළි කළොත්?
ඩොක්ටර් පණ්ඩුල මහතාව හමුවුණු දවසෙම ඔහු මාව Echo පරීක්ෂණයකට යොමුකළා. ඒ පරීක්ෂණයෙන් පස්සේ ඔහු කිව්වා නාලයක් සිහින් වෙලා කියලා.පසුව ඩොක්ටර් මට ඇන්ජියෝග්රැම් එකක් කරන්න දින දුන්නා. ආයෙත් දවස් 4කට පස්සේ ඩර්ඩන්ස් රෝහලෙන් දීපු දිනේට ඇඩ්මිට් වුණා CT scan එකකින් කපාටයේ (Valve) ප්‍රමාණය වගේ දේවල් පරීක්ෂා කරන්න. පස්සේ ඩොක්ටර් දිනයක් දුන්නා 2022 පෙබරවාරි 12 වෙනිදාට valve replacement surgery (කපාට ප්‍රතිස්ථාපන සැත්කම) එක කරන්න. ඇත්තටම ඩොක්ටර් මට හැමදෙයක්ම පැහැදිළි කරා මේ surgery එක වෙන විදිය ගැන. හෘද වස්තුව විවෘත නොකර සාමාන්‍ය නිර්වින්දන ක්‍රමවේදයෙන් බැහැරව මේ සැත්කම සිදුකරන නිසා මට පොඩි වේදනාවක්වත් නොදැනෙයි කියලා ඔහු කිව්වා. ඩොක්ටර් කිව්වා වගේ ඇත්තටම මට ඒ විදියට වේදනාවක් දැනුණේ නෑ. ඒත් එක්කම මට වකුගඩු ප්‍රශ්නයකුත් තිබුණ නිසා X-ray ඩයි ක්‍රියාවලියක් ඉතාම අඩු වශයෙන් යොදාගෙන මේ කපාට බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව කරන්න පුළුවන් කියලා ඩොක්ටර් මට පැහැදිළි කරා. ඒකෙන් පස්සේ මගේ වකුගඩු වලත් හාර්ට් එකෙත් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වුණා.නවීන ක්‍රමවේදයන්ට අනුව මේ සැත්කම සිදුවුණ නිසා මට ඉක්මණට discharge වෙලා ගෙදර යන්නත් පුළුවන් වුණා.
- සමස්තයක්විදියට ඩර්ඩන්ස් රෝහල පිළිබඳව ඔබේ අදහස?
පළමුවෙන්ම මට කියන්න ඕනේ ඩොක්ටර් පණ්ඩුල ගැන. ඩොක්ටර් මාත් එක්ක කතා කරපු විදියෙන් මට ලොකු ආත්ම විශ්වාසයක් ඇතිවුණා. මගේ හිතේ තිබුණ බය නැතිවුණා.ඇත්තටම මගේ වයසත් එක්ක Open surgery එකක් කරන්න මම ටිකක් බයෙන් හිටියේ. ඩර්ඩන්ස් රෝහලේ මට මේ වගේ දක්ෂ වෛද්‍යවරයෙක් හමුවුණ නිසා මගේ සැත්කම Open surgery එකක් විදියට නොකර සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඩර්ඩන්ස් රෝහල ගැන කිව්වොත්, මට ලැබුණු සත්කාර ගැන මම ගොඩාක් සතුටු වෙනවා. කිසිම කරදරයක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් හැම පහසුකමක්ම මට ලැබුණා. රෝගීන් ගැන ඉතාමත් වගකීමෙන් වැඩ කරන රෝහලක් විදියට මට ඩර්ඩන්ස් රෝහල හඳුන්වන්න පුළුවන්.
Mr. Nirmalan Rajasingam
- Can you tell us about yourself?
I am Nirmalan Rajasingam, an IT professional living in Colombo.
- How did you first diagnose your disease?
I had severe abdominal pain, so I visited Durdans Hospital. After many investigations and scans, we discovered I had kidney stones.
- Can you explain how the surgery took place?
I am grateful that Dr. Kalana Parana Palliya Guruge performed the PCNL surgery to remove the stones without opening my kidney. As this is a minimally-invasive procedure, I was discharged from the hospital the next day itself. I recovered very quickly and was able to return home to my routine work feeling much healthier, all thanks to this hospital.
- What do you think of Durdans Hospital?
Durdans Hospital has world-class equipment in their Urology unit which made the surgery a smooth procedure. The staff treated me professionally, with great patience. I felt like I was in my second home when I was at hospital; I am really grateful.