මුඛයේ ඇතිවෙන තුවාල නොසලකා හරින්න එපා
මුඛ ආශ්රිත පිළිකා තත්ත්වයන් සම්බන්ධයෙන් එතරම් කතාබහ නොවන නිසා ඒ ගැන දැනුවත්වීම් අල්ප බව පැහැදිලි කාරණාවකි. නමුත් කල්තබා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම තුළින් මුඛය ආශ්‍රිතව ඇතිවෙන පිළිකා තත්ව පහසුවෙන් සහ ඉක්මනින් සුව කර ගැනීමට හැකියාව පවතී. ඩර්ඩන්ස් දන්ත වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මහාචාර්ය නදීන ජයසූරිය විසින් මුඛ ආශ්රිත පිළිකා තත්ත්වයක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතුම කාරණා මෙසේ පැහැදිලි කරයි.
මේ පිළිකා තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකු ප්‍රතිකාර පිණිස ඩර්ඩන්ස් දන්ත ශල්‍ය වෛද්‍ය ඒකකයට පැමිණි අතර ඔහු දුම්පානය කරන්නෙකු හෝ බුලත් විට පාවිච්චි කරන්නෙකු නොවීම විශේෂත්වයකි. ඔහුගේ දිවෙහි තුවාලයක් හටගෙන තිබූ අතර ඔහු එය නොසලකා හැර තිබුණත් එය පිළිකාවක් දක්වා වර්ධනය වී තිබිණ. මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමින් බහුලවම ගොදුරු වෙන පිළිකාවක් ලෙස හඳුනාගෙන තිබීම ද විශේෂිත කරුණකි.
මුඛ පිළිකා සඳහා බලපාන හේතු
බුලත්විට සහ දුම්වැටි පරිභෝජනය
Human Papillomavirus ආසාදනය (අනාරක්ෂිත මුඛ ලිංගික සංසර්ගය හේතුවෙන්)
කල්පවතින තුවාලයක්
මුඛ පිළිකාව හඳුනා ගන්නා ආකාරය
මුඛයේ පවතින තුවාල ගැන මුල් කාලයේම තේරුම් ගැනීමෙන් පිළිකාවකට හැරෙන්නට පෙර ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ලැබේ.
අදාළ ආසාධිත ප්‍රදේශයෙන් කොටසක් ලබාගෙන බයොප්සි පරීක්ෂාවක් සිදු කරන අතර ඒ වාර්තාව අනුව පිළිකාවක්දැයි නිගමනය කරනු ලබයි. පිළිකාවක් දැයි හඳුනා ගත් පසු පිළිකා සෛල ආසාදනය ගෙල දක්වා පැතිර යාමේ අවදානම ගැන වෛද්‍යවරුන් විමසිලිමත් වෙන අතර ඒ සම්බන්ධයෙන් MRI හෝ CT scan පරීක්ෂණයක් මඟින් දැනුවත් වේ. ඉන්පසු ප්‍රතිකාර සැලසුම් කරනු ලැබේ. සාමාන්‍යයෙන් මුඛ පිළිකාවකට සැත්කම් සිදු කෙරෙන අතර ඉන් සිදු කෙරෙන්නේ පිළිකාව ඇති තැන හා ඉන් සෙන්ටිමීටරයකට එහා දුර ප්‍රමාණය කපා ඉවත් කිරීමකි. එය විශාල ප්‍රමාණයක් නම් පටක බද්ධ කිරීම් ද සිදු කෙරෙයි. ගෙල දක්වා ආසාදන ඇති වී කුද්දැටි ඇත්නම් ඒවාද ශල්‍යකර්මය හරහා ඉවත් කරනු ලබන අතර මේ ශල්‍යකර්මය හරහා රෝගියාට සම්පූර්ණයෙන්ම සුවපත් වීමට වැඩි ඉඩක් ලැබේ.
මුඛ පිළිකා වළක්වා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු
මුඛයේ සුව නොවන තුවාලයක් ඇත්නම් ඔබ ඉතා සැලකිලිමත් විය යුතු වේ. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව “උෂ්ණ බිබිලි” ලෙස හඳුන්වන තුවාල දැඩි වේදනාවක් ඇති කළ ද පිළිකා නිසා හට ගන්නා තුවාල වේදනා රහිත ඒවා වේ. රිදීමක් රහිත තුවාලයක් ඇත්නම් ඔබ ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වේ.මීට අමතරව අනාරක්ෂිත මුඛ සංසර්ගවලින් වැළකීම, දුම්වැටි සහ බුලත්විට පරිභෝජනය සීමා කිරීම ද මුඛ පිළිකාවලින් වැළකීමට හේතුවකි.
මුඛය ආශ්රිත ඕනෑම ගැටළුවකදී ඔබට ඩර්ඩන්ස් දන්ත ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත පැමිණ ඉක්මන් ප්‍රතිකාර කරා යොමු වීමට හැකියාව පවතී.
වැඩි විස්තර සඳහා අමතන්න 776893102
Written by Nibandhika, Content Writer at Durdans Hospital
Reviewed by Prof Nadeena Jayasuriya, Oral and Maxillofacial Surgeon.