ඔබේ දරුවාගේ Screen Time ගැන ඔබ දැනුවත් ද?
ඩිජිටල් උපාංග අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇති යුගයක, දරුවන් තිර කාලයට ඕනෑවට වඩා ඇබ්බැහි වීම සාමාන්‍ය තත්වයකි. ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් සහ පරිගණක වෙත පහසුවෙන් ප්‍රවේශ වීමත් සමඟ වර්තමාන දරුවන් වෙන කවරදාටත් වඩා අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරති. අධික තිර කාලය සහ ඩිජිටල් නිරාවරණය ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය.
Screen Time වැඩි වීම දරුවන්ට බලපාන අහිතකර ආකාර
ඇමරිකානු ළමා රෝග විද්‍යා ඇකඩමිය (AAP) වයස අවුරුදු 2 සිට 5 දක්වා ළමුන් සඳහා තිර කාලය දිනකට පැයකට සීමා කිරීම නිර්දේශ කරන අතර වැඩිහිටි දරුවන් ක්‍රීඩා කිරීම, ව්‍යායාම කිරීම සහ නින්ද වැනි ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතු බව සඳහන් කරයි. මාර්ගගත ඉගෙනීමේ ක්‍රම වැඩිවීමත්, සමාජ මාධ්‍යවල වර්ධනයත් සමඟ, බොහෝ දරුවන් මෙම නිර්දේශයන් ඉක්මවා යන අතර අධ්‍යයනවලින් පෙනී යන්නේ වයස අවුරුදු 8-18 අතර ළමුන් පාසල් වැඩ සඳහා ගත කරන කාලය හැර සාමාන්‍යයෙන් දිනකට පැය 7ක් අන්තර්ජාලයේ ගත කරන බව සඳහන් ය.
කායික බලපෑම්
දැඩි ලෙස වැඩි කර ගැනීම නිසා අක්ෂි ආබාධ, හිසරදය,පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝම තත්ත්ව ඇති විය හැකි වේ. මේ දිර්ඝකාලින ඇබ්බැහිවීම දරුවන් තරබාරු කරන්නට ද හේතුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යයනයකට අනුව, 1970 සිට ළමා තරබාරුකම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර, තිර භාවිතය හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම සැලකිය යුතු සාධකයකි.
මානසික බලපෑම
අධික ඩිජිටල් නිරාවරණය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ද ප්‍රබල බලපෑමක් ඇති කරයි. අධ්‍යයන මගින් ඉහළ මට්ටමේ තිර කාලය කාංසාව, මානසික අවපීඩනය සහ අවධානය යොමු කිරීමේ ගැටළු ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරන බව සනාථ කරයි. මීට අමතරව, සමාජ මාධ්‍ය වේදිකා දරුවන්ට සයිබර් හිරිහැර කිරීම් සහ විවිධ ඇබ්බැහි ඇති කිරීම් නිසා දරුවන්ගේ ආත්ම අභිමානයට දරුණු හානි ඇති වන බව ද දෙමාපියන් වටහා ගත යුතු වේ.
දරුවන්ට හානිදායක නොවන ලෙස ඩිජිටල් උපාංග පරිහරණය කරන්නේ කෙසේද?
1. දරුවන්ට ඩිජිටල් අවකාශවල සැරිසරන්නට නියමිත කාලයක් සහ නිවසේ විවෘත ස්ථානයක් ලබා දෙන්න.
2. එළිමහන් ක්‍රියාකාරකම් වලට යොමු කරන්න
3. ඔවුන් ඉදිරිපිට පමණට වඩා දුරකථන හෝ පරිගණක භාවිතාවෙන් වලකින්න
4. ඩිජිටල් සාක්ෂරතාවය සහ ආරක්ෂාව උගන්වන්න
ඩිජිටල් අවකාශය දරුවන්ට නවීන ලෝකය සමඟ ගැටෙන්නට අත්‍යවශ්‍ය දෙයක් බව සිහි තබා ගන්න. නමුත් ඔවුන්ගේ චර්යාත්මක වෙනස්කම් පාලනය ඔබ සතු වගකීමකි. දරුවන්ට මේ ආශ්‍රිතව ඇති වෙන ඕනෑම සෞඛ්‍ය ගැටලුවකදී ඩර්ඩන්ස් ළමා රෝග ඒකකය ඔබට සහයෝගය ලබා දීමට සුදානම්