හදවත් රෝග සම්බන්ධයෙන් ඔබ දැනුවත් ද?
බෝ නොවන රෝග අතර වඩා අවදානම් තත්ත්වයේ පවතින රෝගයක් ලෙස හෘද රෝග හඳුන්වා දිය හැකි වේ.ලොව පුරා මිලියන 18 ට අධික ප්‍රමාණයක් හෘදයාබාධ නිසා ජිවිතක්ෂයට පත් වෙන බව ලෝක සෞඛ්‍ය වාර්තා තහවුරු කර ඇත. විවිධ හේතු මත වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක්ද බෝ නොවන රෝගවලට ගොදුරුවන අතර මේ අතරින් හෘදයාබාධවලට ලක්වන පිරිස 20%කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් ය. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු සහ හෘදයාබාධ අවදානම අඩුකර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය පණ්ඩුල ආතාවුදආරච්චි මහතා ඔබව මෙසේ දැනුවත් කරයි.
හෘදයාබාධයක් යනු කුමක්ද?
හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය ගමනාගමනය කරන කිරීටක ධමනි අවහිර වීම නිසා ඇති වන හෘදයේ අකර්මණ්‍යතාවයයි. මෙය මාරාන්තික තත්වයකි.
පුර්ව හෘදයාබාධ ලක්ෂණ
- පපුවේ ඇති වෙන දැඩි තෙරපුම.
- ක්ලාන්ත ස්වභාවය
- දහදිය දැමීම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- අධික නොසන්සුන් බව
- වමනය දැමීමේ අවශ්‍යතාවය.
ඇතැම්විට වයස්ගත පුද්ගලයන් හා දියවැඩියාවෙන් පෙලෙන අයට කිසිදු පපුවේ වේදනාවක් නොදැනේ.
හෘදයාබාධ ඇති වෙන සුලබ හේතු
- දුම්පානය
- රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම හා දියවැඩියා මට්ටම
- ආහාර රටා
- ව්‍යායාම නොකිරීම අධික තරබාරුව ජානමය බලපෑම්
සෑම පපුවේ වේදනාවක් ම හෘදයාබාධයක් ද?
ඇතැම්විට එය මාංශ පේශි වේදනාවක් හෝ අස්ථි වේදනාවක් හෝ ගැස්ට්‍රයිටීස් තත්වයක් විය හැකි වේ. ඒ නිසා ඔබේ සෞඛ්‍ය සුවතා පරීක්ෂණ සිදු කිරීමෙන් ඔබට හෘදයාබාධ තත්ත්ව වලක්වා ගැනීමට හැකියාව තිබේ.
හදිසි හෘදයාබාධයක් ඇති වෙන ආකාරය.
පපුව මැදින් හෝ වම්පසින් ඇති වෙන දැවිල්ල හෝ තෙරපීමක් හෝ හිර කිරීමක් ප්‍රධාන වශයෙන් ඇති වෙන තර මෙය විනාඩි 20ක් පමණ ඇති විය හැකි වේ. මෙය වම ඇත, බෙල්ල හා හකු දක්වා පැතිර යන අතර හුස්ම ගැනීමේ අපහසිතාවයක්, අධික දහදිය දැමීමක් ඇති වේ.
මෙවැනි තත්වයකදී රෝගියා පහසු ඉරියව්වකට පත් කර වහා රෝහල් ගත කරන්නට කටයුතු කල යුතු වේ.
හදවත් රෝගවලින් වැළකීමට අනුගමනය කළ යුතු පියවර
- පෝෂ්‍යදායක ආහාර ගන්න
- ව්‍යායාම වල නිරත වෙන්න
- නියමිත බර පවත්වා ගන්න
- දුම්පානයෙන් වළකින්න
ඩර්ඩන්ස් හෘද රෝග මධ්‍යස්ථානය සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පණ්ඩුල ආතාවුදආරච්චි මහතා සමඟ සම්බන්ධ වීමට 070 678 8455 හෝ 077 77 106 7748 අමතන්න
ඔබේ හදවත සුවෙන් තබා ගන්න – ඩර්ඩන්ස් හෘද රෝග මධ්‍යස්ථානය සෑම මොහොතකම ඔබ සමඟයි!