ඩර්ඩන්ස් රෝහල, ජාතික රක්ෂණ භාර අරමුදල(NITF), සමග අත්වැල් බැඳගනිමින් අග්‍රහාර රක්ෂණ හිමියන්ට අද්විතීය ගණයේ සෞඛ්‍යය සේවාවන් සපයා දෙයි.
අග්‍රහාර රක්ෂණය හිමි ඔබට ”රාජ්‍ය සේවා අභිමන්”
ඔබ ඩර්ඩන්ස් රෝහල තෝරා ගත යුත්තේ ඇයි?
පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලය හා උපදේශක මණ්ඩලය සමඟ එක්වී නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ හා පහසුකම් හරහා උසස් තත්ත්වයේ සේවාවන් පවත්වාගෙන යන ඩර්ඩන්ස් රෝහල හෘද රෝග සේවා සැපයීම සහ සැත්කම් කිරීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින අතර ස්නායු ශල්‍ය සේවා සඳහා නවීනතම පහසුකම් පවතින රෝහලකි. විකලාංග රෝග ඒකකය, අක්ෂි සායන සහ සැත්කම්, දන්ත රෝග සේවා, විකිරණවේදී සේවා සඳහා ද විශිෂ්ටතම සේවා සපයන අතර ඩර්ඩන්ස් රසායනාගාර සේවා දීප ව්‍යාප්ත සේවාවක් සපයයි. ඒ හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට කිසිදු සැකයකින් තොරව සෞඛ්‍ය තත්වයන් නගා සිටුවීම වෙනුවෙන් ඩර්ඩන්ස් රෝහල තෝරා ගැනීමට හැකි ය.
අග්රහාරලාභින්ට ලැබෙන සුවිශේෂී වට්ටම්
- නේවාසික ප්‍රතිකාර රු 8,000/= සිට
- රෝගීන් සඳහා ගිලන් රථ පහසුකම්
- රසායනාගාර පහසුකම් සඳහා 20% දක්වා වට්ටම්
- හෘද රෝග සම්බන්ධ පරීක්ෂණ සඳහා 20%ක් දක්වා වට්ටම්
- විකිරණවේදී පරීක්ෂණ සඳහා 20% ක් දක්වා වට්ටම (X කිරණ/ එක්ස් රේ, අල්ට්රා සවුන්ඞ්, MRI, CT, DEXA, මැමෝග්රෑම් වැනි ස්කෑන් පරීක්ෂණයන් සඳහා අදාළ වේ.)
- ස්නායු ශල්‍යකර්ම සඳහා 10% දක්වා වට්ටම්.
- විකලාංග ශල්‍යකර්ම සඳහා 10% දක්වා වට්ටම්.
- බයිපාස් සැත්කම් සඳහා රු50,000/= මිල සහනයක්
- හිර රෝගී අංශයෙන් වෛද්‍යවරයෙක් හමු වීමට 2024 දෙසැම්බර් 31 දක්වා නොමිලේ පහසුකම්.
- චැනලින් සේවා සඳහා 2024 දෙසැම්බර් 24 දක්වා 30% වට්ටමක්. (රෝහලට පැමිණ වෛද්‍ය හමුවක් වෙන් කර ගැනීමේදී පමණි)
(කොන්දේසි අදාළ වේ)
මට හිමි වන ප්රතිලාභ මොනවාද?
අග්‍රහාර ප්රතිලබින්ට, ප්රතිලාභ රැසක් ලැබෙනු ඇත. පවුලේ සාමාජීකයින්ට ද නේවාසික නොවූ රෝගීන් යටතේ ප්රතිලාභ සඳහා හිමිකම් සැලසේ. පහත දැක්වෙන ලිස්තුවෙහි ඔබ සඳහා හිමිවෙන පුර්ණ ප්රතිලාභ සඳහන් කොට ඇත.
- ඇතුලත්වීමේ ගාස්තු නොමැත.
- කාමර පහසුකම් රුපියල් 8000/= සිට
රසායනාගාර සේවා සඳහා 20% ක් දක්වා වට්ටම්
බාහිර රෝගී සියලුම රසායනාගාර පරීක්ෂණ සඳහා
විකිරණවේදී පරීක්ෂණ සඳහා 20%ක් දක්වා වට්ටම්
එක්ස් රේ, අල්ට්රා සවුන්ඩ්,MRI,CT, මැමෝග්රෑම්, DEXA ස්කෑන් පරීක්ෂණයන් සඳහා අදාළ වේ.
- නේවාසික රෝගීන් සඳහා
- කොන්දේසි සහිතයි.
හෘද රෝග සම්බන්ධ පරීක්ෂණ සඳහා 20%ක් දක්වා වට්ටම්
බයිපාස් සැත්කම් සඳහා රු 50.000/= මිල සහනයක්.
- නේවාසික රෝගීන් සඳහා
- කොන්දේසි සහිතයි
- ස්නායු ශල්‍යකර්ම සඳහා 10% දක්වා වට්ටම්.
- විකලාංග ශල්‍යකර්ම සඳහා 10% දක්වා වට්ටම්.
පවුලේ සාමාජීකයින් සඳහා
රසායනාගාර පරීක්ෂණ, විකිරණවේදය/පරීක්ෂණ සේවා සහ හෘද රෝග පරීක්ෂණ සඳහා 20%ක වට්ටමක් *
බාහිර රෝගින් (නේවාසික නොවන රෝගීන් උදෙසා පමණීයි)
අග්රහාරලාභී ඔබටලැබෙන සේවා
රක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සැසි
ගැටළු සම්බන්ධයෙන් විමසීම් සඳහා පැය 24 පුරා විවෘත දුරකථන අංකය
රෝහල්ගතවිමකදී කඩිනමින් අවශ්‍ය ලියකියවිලි සැකසීම හා රක්ෂණාවරණ ලබා දීම
අභිමානවත් රාජ්‍ය සේවයේ නිරත වෙමින් රට වෙනුවෙන් සේවය කරන සෑම රාජ්‍ය නිලධාරියෙකුම වෙනුවෙන් පිරිනමන මේ සුවිශේෂී සේවා ඔබත් හිමි කර ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න. 077 757 7374
- ඩර්ඩන්ස් හෘද මධ්‍යස්ථානය
- ඩර්ඩන්ස් විකලාංක මධ්‍යස්ථානය
- ඩර්ඩන්ස් ශළ්‍යකර්ම ස්වාවන්
- ඩර්ඩන්ස් රසායනාගාරය
- ඩර්ඩන්ස් විකිරණවේදී අංශය
- මාතෘ රැකවරණය/සත්කාරය
හදවත් රෝගීන් උදෙසා පූර්ණ සත්කාරයක් සලසා දෙමින් අපි හෘද රෝග සත්කාරයේ ඉදිරියෙන් සිටින්නෙමු. මූලික පරීක්ෂණ වලින් ආරම්භ කොට, විශේෂඥ වෛද්‍ය තක්සේරු කිරීම, හෘද සැත්කම් සහ හෘද රෝග සම්බන්ධ අභ්‍යන්තරික බලපැම් පිළිබඳ ක්‍රියාපිළිවෙත් ආශී‍්‍රතව සම්පූර්ණ සත්කාරයක් අපි සලසා දෙන්නෙමු. නේවාසික හෘද ශල්‍යවෛද්‍ය කේ. දේව්ගේ නායකත්වයෙන් යුත් හෘද සැත්කම් කණ්ඩායම විසින් සිකීර්ණ සහ අධි අවදානම් සැත්කම් සාර්ථකව සිදුකරයි.
අස්ථි, කාටිලේජ හා අස්ථිබන්ධ ආශ්රිත ආබාධ හෝ තුවාල සම්බන්ධව සිය¼ ක්ෂේත්රයන් සඳහා තක්සේරු කිරීම, වෛද්‍ය ප්‍රතිකාර, භෞත චිකිත්සාව සහ සැත්කම් මෙම මධ්‍යස්ථානය වෙතින් සැලසේ. ශරීරයට හානි නොගෙනෙන දියුණු තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් කෙරෙන සැත්කම්, සන්ධි ප්‍රතිස්ථාපන සැත්කම් සහ ඡුඍඡු ප්‍රතිකාර යන මේ සේවාවන් අපගේ විකලාංග මධ්‍යස්ථානය වෙතින් සැලසේ.
අපගේ ශල්‍යවෛද්‍යවරුන්ගේ මණ්ඩලය විසින් උදරය, වකුගඩු, අක්මාව හා පියයුරු ආදී කොටස් සම්බන්ධයෙන් ඇතිවන ආසාධන/රෝග තත්ත්වයන් කෙරෙහි ශරීරයට බෙහෙවින් හානි නොගෙනෙන අකාරයට දියුණු තාක්ෂණික ක්‍රම/ උපාංග භාවිතයෙන් සැත්කම් සිදුකෙරේ. මේ සඳහා ගෘහස්ථ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සහාය ලැබේ.
අපගේ රසායනගාරවල පවතින ඉහළ ස්වයංකී‍්‍රයකරණය හේතුවෙන් රසායනාගාර වාර්තා සඳහා කර්යක්ෂම ක්‍රියාවලියක් මෙන්ම නිරවද්‍ය අගයන් ද සහතික කරනු ලබයි. අපගේ රසායනාගාර සතුව කීර්තිමත් උපදේශක ව්‍යාථවේදී විශේෂඥ මඩුල්ලක් ඇතු¼ පුළුල් අත්දැකීම් සහ ප්රවීණතාවක්් ද තිබේ. අපගේ දිවයින පුරා පිහිටි රසායනාගාර ජාලය තුළ ස්ථාන 80කට අධික සංඛ්‍යාවක් සහ වාර්ථා එකතු කිරීමේ හවුල් මධ්‍යස්ථාන 2000ක් ද තිබේ.
ඩර්ඩන්ස් විකිරණවේදය/පරීක්ෂණ සේවය යනු අංග සම්පූර්ණ දෙපාර්තමේන්තුවකි. නේවාසික රෝගීන් සහ බාහිර රෝගීන් (නේවාසික නොවන රෝගීන්* ද සඳහා අවශ්‍ය වෛද්‍ය කිරණ පරීක්ෂණ ගැනීමේදී විශිෂ්ට සත්කාරයක් මෙහිදී සපයා දෙයි. නවීණතම උපකරණ හා පහසුකම් අතරට CT, MRI, X-කිරණ /එක්ස් රේ, මැමොග්රෑම්, ඩෙක්සා යනාදී පරීක්ෂණයන් මෙහෙයවීමට පළපුරුදු සහිත විකිරණවේදීන්ගෙන්ද එය අර්ථ නිරූපණය කරන්නාවූ විකිරණ ශිල්පීන් ගෙන්ද සමන්විත කණ්ඩායමක් අප සතුව සිටියි.
නාරීවේද සායනය මගින් විශේෂඥ උපදේශන සේවාවක් සලසා දෙන අතර දැඩි සත්කාර ඒකකයක්, පුද්ගලික සූතිකාගාරයක් සහ වෙන්වුනාවූ ශල්‍යාගාරයක් ආදී නවීන පහසුකම් ද සලසා දෙයි. තම දරුවාගේ උපත සඳහා පෙර සූදානම් කරවමින් ගර්භනී මව්වරුන් උදෙසා කලින් කලට දැනුවත් කිරීමේ සැසිවාර ද නොමිලයේ පවත්වනු ලැබේ.