කොරෝනා නැත්නම් COVID -19 කියන්නේ දැන් අපි අහන්න අකමැතිම වචනයක් වුනත්, එදිනෙදා අහන්න ලැබෙන හුරුපුරුදු වචනයක්.COVID-19 යනු සුලමුල පවා හරිහැටි නොදන්නා, නිසි ප්‍රතිකර්මයක් හෝ ඖෂධයක් සොයා නොගත් බිහිසුණු වෛරසයක්.COVID -19 ආසාදනය වීම වැළැක්වීමට විවිධ එන්නත් වර්ග දැන් භාවිතයට ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය අනුව මෙම වෛරසය පාලනය කිරීම සඳහා දැනට තිබෙන ඵලදායීම පිළියම එන්නතයි. කෙසේ නමුත් නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසු COVID-19 රෝගය වැළඳෙන්නේ නැතැයි යන මතයක්ද මේ වනවිට සමාජගත වී තිබෙනවා.
එය සැබවින්ම මිත්‍යා මතයකි.කෙසේ වූවද, එන්නත ගැන විශ්වාසය තැබිය යුතුමය.මේ බිහිසුණු වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබාගත යුතුමය.නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඔබට වෛරසය ආසාදනය වූවත්, ඇතිවන සංකූලතා ඇතිවීම අවම වෙයි. COVID නියුමෝනියා ඇතුළු සංකූලතා රැසකින් ඔබව ආරක්ෂා කිරීමට එන්නත සමත් වෙයි.
මේ අතර සමාජය තුළ එන්නත පිළිබඳව යම් සැක සංකාද පහළවෙමින් තිබෙනවා.විශේෂඥයින් පවසන අන්දමට කිසිදු එන්නත් මාත්‍රාවක් නොගෙන මිය යන සංඛ්‍යාව අතර සංසන්දනය කලවිට එය
ඉතාම සුළු සංඛ්‍යාවක් වන අතර එයටද ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ නිධන්ගත රෝගවලින් කරන බලපෑමයි. ඔවුන් අවධාරණය කරන්නේ නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට COVID-19 වෛරසය වැළඳීමෙන් ඇතිවිය හැකි සංකූලතා වලින් මරණයට පත්වීමේ අවධානමක් ඇති හෙයින් ලබාගත හැකි ඕනෑම ප්‍රතිශක්තිකරණ එන්නතක් යුහුසුළුව ලබාගැනීමට යොමුවන ලෙසයි.
තවද, වෛද්‍යවරුන් මින් අවධාරණය කරන අනෙක් වැදගත් කරුණ නම්, දැනට සැත්කම් සඳහා නියම වී සිටින රෝගීන් නොපමාව තම සැත්කම් සිදුකර ගතයුතු බවයි.මන්ද, සැත්කම් සඳහා භාජනය වීමට නියමිතව සිටින රෝගීන්ට COVID-19 වෛරසය වැළඳුනහොත් ඇතිවන සංකූලතා තීව්ර වීමේ හැකියාවක් පවතින නිසයි. විශේෂයෙන් හදවත,පෙනහළු ආශ්රිත සැත්කම් සිදු කිරීමට නියමිත රෝගීන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක මහතා පවසන පරිදි නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් සති දෙකකට පසුව මෙන්ම, COVID-19 ආසාදනය වී සති 4 කට පසුවද ඔබට නියමිත සැත්කම නිසි පරිදි සිදුකර ගතහැකි බවයි.
ඒ නිසා ඔබ යම් සැත්කමක් සඳහා නියමවී සිටිනවා නම් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක මහතාගේ නිර්දේශයන්ට අනුව නොපමාව ඔබේ සැත්කම සිදුකරගන්න.මන්ද COVID-19 වෛරසය හමුවේ ඔබ සැලකිය යුතු අවධානම් තත්වයක සිටින නිසාවෙනි. ඔබ සිදුකරගත යුතුව තිබෙන සැත්කම ඉක්මනින්ම සිදුකර ගතහොත් ඔබේ ශරීර යෝග්‍යතාව සාමාන්‍ය අතට පත්වන නිසා ඔබට අධි අවධානම් තත්වයෙන් මිදිය හැකිය.
ඔබ සුවෙන් සිටිනු දැකීම තරම්, ඔබේ ආදරණීයයන්ට තවත් සතුටක් නොමැත.එම නිසා COVID-19 රෝගය හමුවේ අනිසි අවධානමක් නොගෙන ඉන් වැලකී සිටීමට නම් ඔබේ ශරීර යෝග්‍යතාව ඉතා යහපත් මට්ටමක තිබිය යුතුයි. එම නිසා ඔබට නියමිත සැත්කම නොපමාව සිදුකරගෙන මේ රුදුරු වෛරසය හමුවේ ශක්තිමත්ව සිටින්න.